අභියෝග ආවත් රට වෙනුවෙන් පෙනී සිටිනවා
කුමන අභියෝග පැමිණිය ද රටේ හෙට දවස වෙනුවෙන් කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම 1947 සිට බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ආණ්ඩු බලය ආරක්ෂා කර ගැනීමට උතුරු නැගෙනහිර මහජන නියෝජිතයන් භාවිතා කළා මිස එහි ජනතාවගේ ආර්ථික සහ සංවර්ධන ගැටලු විසඳීමට හැකි නිසි දේශපාලන නියෝජනයක් සඳහා පසුබිම නිර්මාණය කර නොදුන් බවද ජනපතිවරයා සඳහන් කළේය.
ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ පුළුල් සංවර්ධනයක් ඇතිකිරීම වෙනුවෙන් ආරම්භ කළ ,සිරිසර පිවිසුම, සංවර්ධන වැඩසටහන යටතේ නිම කෙරුණු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (20දා) ජනතා අයිතියට පවරා දෙමිනි.
යම් දිස්ති‍්‍රක්කයක් සංවර්ධනය කරා ගෙනයාමට එම දිස්ති‍්‍රක්කය තුළින් එක් කැබිනට් අමාත්‍ය ධූරයක්වත් නියෝජනය විය යුතු බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරය රට කැඩෙන්නේ නැති සහ බෙදෙන්නේ නැති බලය බෙදීමක් පිළිබඳ සංකල්පය යථාවත් වන්නේ එවන් අවස්ථාවල දී බව ද පෙන්වා දුන්නේ ය.

popular news
-
Champa Thursday, 20 September 2018 10:42 PM
බලය බෙදීම? මොන පිස්සු බලය බෙදීමක්ද? ඕව යල් පැනගිය කතා. ඊළඟ දෙමල මුස්ලිම් පරම්පරාව ඕවා ඉල්ලන්නේ නැහැ. සිංහලයන් එක්ක සහයෝගයෙන් ජීවත් වෙනවා. අනිත් එක ඒහෙම බලය බෙදීමක් අවශ්‍ය වෙන්නේ සුළු ජාතින් ආණ්ඩුවේ සහ පාර්ලිමේන්තුවේ නියෝජනය වෙන්නේ නැත්නම්. මේ එන්නේ 2015 ජනවාරි දුන් පොරොන්දු වෙන විදිහකට ඉෂ්ඨ කරන්න හදන එක. ඔක්කොම කරන්නේ දැන් ඉන්න TNA දෙමල මන්ත්‍රීවරු. ඊළඟ මහ චන්දෙදි සිංහල අපිත් උතුරු නැගෙනහිරට බහිනවා දැන් ඉන්න බෙදුම්වාදී ජාතිවාදී දෙමල දේශපාලකයන්ව එලවල අලුත් විදිහට හිතන පරම්පරාවේ මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට ගෙන්න දෙමල මිනිස්සුන්ව "අවදි කරන්න." අපි මෙහෙට වෙලා බලන් ඉන්න හින්ද තමයි මේ ඔක්කොම. බෙදුම්වාදියෝ, දේශද්‍රෝහියෝ, ත්‍රස්තවාදී හිතවාදියෝ කාටවත් ආයේ පාර්ලිමේන්තුවේ එන්න දෙන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
